K G F chapter 2 2018 දෙසැම්බර් 18 කියන්නේ ඉන්දියානු සිනමාවේ පෙරළිකාර දිනයක්. එදින ඉන්දියානු සිනමාවේ නිකු...

Home » » K G F chapter 2 download and sinhala subtitle

K G F chapter 2 download and sinhala subtitle


                              K G F chapter 2



2018 දෙසැම්බර් 18 කියන්නේ ඉන්දියානු සිනමාවේ පෙරළිකාර දිනයක්. එදින ඉන්දියානු සිනමාවේ නිකුත් වුනු චිත්‍රපට ලැයිස්තුව ගත්තොත් හරිම විශේෂයි. එයින් K.G.F. Chapter 1 (2018) කියන්නේ භාෂා/ප්‍රාන්ත/දේශ සීමාවන් අභිබවමින් ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත් චිත්‍රපටයක්. K.G.F හි ආගමනය කන්නඩ සිනමාවේ පෙරලිකාර පරිච්ඡේදයක් ලෙසින් නම් කල හැකියි. හින්දි. දෙමල, තෙලිගු, කන්නඩ, මලයාලම් වගේ හැම භාෂාවකින්ම ලොවපුරා එකවර තිරගත වුනු කන්නඩ සිනමාවෙන් බිහි වූ අතිදක්ෂ අධ්‍යක්ෂක ප්‍රශාන්ත් නීල්ගේ අධ්‍යක්ෂණයෙන් යුත් කේ.ජී.එෆ්. චිත්‍රපටය එම හැම භාශාවකින්ම අති සාර්ථකත්වයක් ලබමින් බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් ලෙස ලොවපුරා ආදායම ඉන්දියානු රුපියල් කෝටි 250කට අධික වාර්තාගත ආදායමක් උපයාගනිමින් බොක්ස්ඔෆිස් වාර්තා අලුත් කරන්නට සමත් වූවා. K.G.F: Chapter 1 තවමත් නොබලපු කෙනෙක් සිටීනම් වහාම K.G.F: Chapter 1 වෙත පිවිස වහාම එය නරඹන්න. බලපු අයට මතක ඇතිනේ චිත්‍රපටය නතර වුනු තැන. දෙවැන්න එතැන් සිට…

K.G.F: Chapter 1 හි අවසානයේ පොරොන්දු වූ පරිදි චිත්‍රපටයේ දෙවැනි පරිච්ඡේදයක් හැදෙනවා. තවමත් අපි දන්නෙ කතාවෙන් බාගයයි. එතැන් සිට වසර හතරකට ආසන්න කාලයක් ගත වෙනවා එහි දෙවැන්න අප ඉදිරියේ දිග හැරෙන්නට. 2019 සිට රූගත කිරීම් වැඩ කටයුතු ඇරඹු KGF දෙවන චිත්‍රපටය ඉතිහාසගත වන්නේ කන්නඩ සිනමාවේ වැඩිම වියදමක් (ඉන්දියානු රුපියල් කෝටි 100ක්) වැයකර තැනු චිත්‍රපටය ලෙසයි. කොවිඩ් වසංගතය හේතුවෙන් වරින් වර රූගත කිරීම් නතර කරන්නට සිදු වූවත් සියලු බාධක පසු කර පෙර සිටම නිවේදනය කර තිබූ පරිදි 2022 වසරේ අප්‍රේල් 14 වන දින කන්නඩ, හින්දි. දෙමල, තෙලිගු, මලයාලම් යන භාෂා පහෙන් ලොවපුරා රිදී තිර දස දහසකට අධික ප්‍රමාණයක තිරගතවීම ආරම්භ කරනු ලැබුවා.

කන්නඩ සිනමාවේ සුපිරි නළු Yash සහ සුරූපී ශ්‍රීනිධි ෂෙට්ටි පලමුවැන්නේ මෙන්ම රොකී සහ රීනා ලෙසින්ද සුපුරුදු ලෙසින් පළමු චිත්‍රපටයේ පරිදි Archana Jois, Achyuth Kumar, Malavika Avinash, B. S. Avinash, T. S. Nagabharana, Ayyappa P. Sharma විසින් සහය චරිත සඳහා එක්ව තිබෙනවා. නමුත් විශේෂ කාරණාව නම් බොලිවුඩ් නළු සංජේ දත් සහ රවීනා තන්ඩන් මෙන්ම ප්‍රවීණ නළුවන් වන රාවෝ රමේෂ් සහ ප්‍රකාශ් රාජ් KGF දෙවන චිත්‍රපටය සඳහා විශේෂයෙන් රංගනයට එක්කර ගනු ලැබ තිබීමයි. ඔවුන් සිව් දෙනා KGF2 මෙම චිත්‍රපටයේ අතිශය වැදගත්ම චරිත කිහිපයකට පණ පොවනු ලබන බව පැවසිය යුතුමයි. ප්‍රශාන්ත් නීල්ගේ අධ්‍යක්ෂණයෙන් සහ Hombale Films නිෂ්පාදනයෙන් නිමවුණු KGF දෙවැන්නේ අනෙක් සියලු දෙපාර්තමේන්තු සියල්ලද පළමු චිත්‍රපටයේ කන්ඩායමම සිදුකර තිබෙනවා. කැමරාකරණය Bhuvan Gowda, සංගීතය Ravi Basrur සහ සටන් අධ්‍යක්ෂක Anbariv ගේ අතින් සිදු වූ අතර ඔවුන්ගේ කාර්යයන් මෙහිදී කැපී පෙනන වටිනාකමක් චිත්‍රපටය වෙත එක් කරනවා.

Torrent downlod

 
720p 
1080p 
sinhala subtitle 


                                                     








GENRES

Facebook

Powered by Blogger.

Facebook SDK

  • https://connect.facebook.net/en_US/sdk.js#xfbml=1&version=v9.0

Contact Form

Name

Email *

Message *

Followers


Search This Blog



No Thumbnail Image

No Thumbnail Image

About Us

About Us
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's.

Facebook

Blogger templates

Subscribe Us

Popular Posts

Pages - Menu

Popular Posts